කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින ධීවර ප්‍රජාව වෙනුවෙන්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් අයහපත් කාලගුණික / දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී හෝ සිදුවන ඕනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීම හෝ අනෙකුත් අකර්මන්‍යවීම්වලදී රක්‍ෂණාවරන ලබාදීම සිදු කරන බවයි සඳහන් වෙන්නේ.
ධීවර කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවකදී වුවද, අහඹු අනතුරකින් සිදුවන මරණ හෝ වෙනත් අකර්මන්‍යතාවන් සඳහා ද මෙහිදී ප්‍රතිලාභ සැලසෙන බවත්, ඒ යටතේ රුපියල් 2000 ක් වැනි වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රුපියල් ලක්‍ෂ 12ක වන්දියක් මෙම රක්ෂණ ක්‍රමය තුළින් හිමිවන බවයි සඳහන් වෙන්නේ.
එසේම පූර්ණ හා තාවකාලික අකර්මන්‍යතාවන් හිදීත් වන්දි ගෙවීම් සිදු කෙරෙන අතර, අනතුරක් හේතුවෙන් සිදුවන එක් ඇසක් අහිමිවීම, එක් ගාත්‍රයක් අහිමිවීම, පූර්ණ වශයෙන් කථනය අහිමිවීම වැනි තත්ත්වයන්හි දී ඉතා කඩිනමින් වන්දි ගෙවීම සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.