මෙරට දෛනිකව සිදුකරන ඩිජිටල් මුදල් ගෙවීම් ප්‍රමාණය 30% කින් පමණ ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව, ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන බවයි එහි ගෙවීම් හා පියවීම් අංශයේ අධ්‍යක්ෂ K.V.K. අල්විස් සඳහන් කළේ.
ඩිජිටල් ගෙවීම් කාණ්ඩයට අන්තර්ජාලය ඔස්සේ සිදුකරන Online Banking ගනුදෙනු මෙන්ම, කාඩ්පත් ඔස්සේ සිදුකරන ගෙවීම් ද ඇතුළත් අතර, ඒ් ආකාරයෙන් දිනකට සිදුවන ගනුදෙනු ප්‍රමාණය දහසය ලක්ෂ පනස්දහස (1,650,000) ඉක්මවන බවයි සඳහන් වෙන්නේ.
ඩිජිටල් ගෙවීම් පිළිබඳව ප්‍රවර්ධනය සමග දෛනිකව සිදුවන ඩිජිටල් ගෙවීම් ප්‍රමාණය විසි එක් ලක්ෂ පනස්දහස (2,150,000) සීමාවට රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.