ජනපති දිවයිනට පැමිණෙයි

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසුගේ (Dr. Mohamed Muizzu)‍ ආරාධනයකට අනුව පසුගිය 28 වැනිදා ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවී තිබුණා.

මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු සමඟ මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පවත්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.