උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ ජලය වැඩි වශයෙන් පානය කළ යුතුයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ චර්ම රෝග සහ විජලන තත්ත්වයන් ද වාර්තා වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා වැඩිපුර ජලය පානය කිරීමට මෙන්ම, දියර සහිත ආහාර ලබා ගැනීමට පියවර ගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ