බොරැල්ල පොලිස් වසමේ ‘සිරිසර උයන’ මහල් නිවාසය අසලදී අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 105 ක් හා හෙරොයින් ග්‍රෑම් 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වන, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.