මෑතකදී ආනයනය කරන ලද විදුලි වාහන තොගයක මෝටර් ධාරිතාව පිළිබඳ ගැටළුවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG ඔටෝ (පුද්ගලික) සමාගම සඳහන් කර ඇත්තේ, සියලුම වාහන කිලෝවොට් 100 (kW) මෝටරවලින් සමන්විත බවත්, දේශීය රෙගුලාසිවලට අනුකූලව ආනයනය කර ඇති බවත්.
ශ්‍රී ලංකා රේගුව සමග සහයෝගයෙන් කටයුතු කරන බවත්, මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සියලු ලියකියවිලි සපයන බවත්, එම ආයතනය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.
BYD වාහන චීනයේ නිෂ්පාදකයාගෙන් සෘජුවම ආනයනය කර ඇති බවත්, සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළඳපොළවල අලෙවි කරන මාදිලිවලට සමාන බවත්, එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.
මෝටර් ධාරිතාවන්හි සැක සහිත විෂමතා හේතුවෙන් කොළඹ වරායේ BYD විදුලි වාහන 1,000කට ආසන්න ප්‍රමාණයක් රඳවාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ වීමෙන් පසුවයි ජෝන් කීල්ස් CG ඔටෝ (පුද්ගලික) සමාගම විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.
එම නිවේදනය පහතින්,
