යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (29) පෙරවරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබුණා.
මෙලෙස මියගොස් තිබුණේ, 52 හැවිරිදි යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ චම්පික නිලන්ත, ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බිරිඳ සහ වැඩිමහල් දියණිය ඝාතනය කර පසුව ඔහු ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි.
මියගිය චම්පික නිලන්ත විසින් ලියූ බවට සඳහන් ලිපියක්ද පොලීසියට හමුවී ඇති අතර එහි ඇති කරුණු අනුව ඔහුට තිබූ ආර්ථික දුෂ්කරතා සහ ණය හිමියෙකුගෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් සියදිවි හානි කර ගත් බව සඳහන්.
කෙසේ නමුත් ඔහුගේ 12 හැවිරිදි බාල දියණිය මෙම සිදුවීමෙන් ජීවිතය බේරාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
<span style=’color:#e64c4c’><em><strong>ඔබ යම් සිත් තැවුලකින් පසුවන්නේ නම් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක 1926 අමතා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, CCCline 1333 හෝ 070 730 8308 යන දුරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ඇමතීමෙන් ඔබගේ මානසික පීඩාවන් සඳහා සහනයක් ලබාගත හැකියි. </strong></em></span>