ආසන පටි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර

ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව, එම නීතිය අනුගමනය නොකරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

සැප්තැම්බර් 30 වැනිදා සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවලට ආසන පටි පැළඳීම අනිවාර්ය බවද, මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ද යාවත්කාලීන කර ඉදිරියේදී නිකුත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.