හලාවත, බංගදෙනිය, වීරකමන්දලුව ප්‍රදේශයේ නිවසක් වටලා සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී කොළඹ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
එම වැටලීම සිදු කරන අවස්ථාවේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා නිවසින් පැනගොස් ඇති අතර, ඔහු ත්‍රිරෝද රථයකින් හලාවත බස් නැවතුම්පොළ බලා ගමන් කරමින් සිටියදී හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් 03 දෙනෙක් හා පිරිමි පුද්ගලයන් 08 දෙනෙක් සිටින අතර, හලාවත මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වන බවයි සඳහන් වෙන්නේ.