ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න, අගෝස්‍තු 13 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අද (30) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
නාවික හමුදාවේ බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේදී, 2010 වසරේදී අලව්ව ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.