ගාල්ලේදී තරුණයෙකු දියේ ගිලී මරුට

ගාල්ල, ගිංතොට, මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (29) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි අප වාර්තාකරු පවසා සිටියේ.

දියේ ගිලී අතුරුදන්ව සිටි මෙම තරුණයා සොයා ප්‍රදේශවාසීන්, නාවික හමුදාවේ කිමිදුන්කරුවන් සහ පොලීසිය එක්ව මෙහෙයුමක් සිදුකර තිබුණා.

පසුව නාවික හමුදා කිමිදුන්කරුවන්ට තරුණයාගේ සිරුර හමුව තිබූ අතර දැඩි පරිශ්‍රමයකින් සිරුට ගොඩට ගෙන ඒමට කටයුතුකර තිබුණා.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.