දකුණු පළාතේ බස් රථ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා මගීන් වෙනුවෙන් නව අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 0763 299 299 යන අංකය ඒ සඳහා හඳුන්වා දී ඇති බවයි සඳහන් වෙන්නේ.
දකුණු පළාතේ බස්රථවලින් ගුණාත්මක සේවාවක් ලබාගැනීම සඳහා, එම බස් රථ සහ සේවකයන් පිළිබඳව ඕනෑම පැමිණිල්ලක් මෙම අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට මගීන්ට අවස්ථාව උදා කර දී ඇති බවයි සඳහන් වෙන්නේ.