ජපන් රැකියාලාභීන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රි ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

එහි සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක කියා සිටියේ, ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලු‍මක් පවතින බවයි.
මේ හේතුවෙන්, පුහුණුලාභීන් ප්‍රමාණය වැඩි කිරීම සහ පුහුණු සංචිතයක් පවත්වාගෙන යාමටයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත්තේ.

මේ අතර, ජපානය සමඟ ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුම අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස 600 දෙනෙකු හා විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ 51 දෙනෙකු සඳහා රැකියා අවස්ථා හිමිව තිබෙනවා.