යාපනයේ මල්ලාකම් පයිරිත්තල් ප්‍රදේශයේ පිහිටි කෝවිලක වාර්ෂිකව පැවැත්වෙන ස්නාන මංගල්‍යයේදී නර්තනයක යෙදී සිටි තරුණයෙකු හදිසියේම බිම ඇද වැටී 28 දා මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩත්තරිපු, පල්ලසුට්ටි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අන්නාරාසා ඇලෙක්සන් නැමති අයෙක්.
ස්නාන මංගල්‍යයෙන් පසුව සංගීත රිද්මයන්ට අනුව නර්තනයේ යෙදීම පුරාණ චාරිත්‍රයක් වන අතර මියගිය තරුණයාද තවත් පිරිසක් සමග නර්තනයේ යෙදී සිටියදී ඔහු එක්වරම බිම ඇද වැටී තිබෙනවා.
කෝවිලේ සිටි පිරිස වහාම ඔහුව යාපනයේ තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු සනාථ කර ඇත්තේ.
මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව නිශ්චය ලෙස නිගමනය කිරීමට නොහැකි වූ නිසා ඔහුගේ ශරීර අභ්‍යන්තර කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යැවූ බව අප වාර්තාකරු සඳහන් කළා.
තෙලිප්පලෙයි පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.