වෙරළ තීර පිරිසිදු කිරීමේ වැඩසටහන ඇරඹේ

විසි දහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික්ක 14ක සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ තීර පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වනවා.

මෙහි සමාරම්භක උත්සවය පෙරවරු 07ට කාක දූපතේ දී ආරම්භ වූ බවයි ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සඳහන් කළේ.

”පිරිසිදු වෙරළ තීරයක්, ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන තේමාව යටතේ මධ්‍යහ්න 12 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී වෙරළ තීර 253ක් පිරිසිදු කරනු ඇති.

ඒ සදහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සමුද්‍ර පරිසර අධිකාරිය සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, සිවිල් හා පරිසර සංවිධාන මෙන්ම දේශීය හා විදේශීය පරිසර හිතකාමීන් සහභාගී වීමට නියමිත බවයි ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය කියා සිටියේ.