වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට හැකිවන ලෙස නීති ප්‍රතිපාදන ගෙන ඒමට පියවර

මෙරට වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට හැකිවන ලෙස නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, එම අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමටද සැලසුම් කරන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ.

වෙරළ වටා ඇති ආරක්ෂිත කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමෙන් වෙරළ ආරක්ෂිත ප්‍රදේශයට හානිවීම වැළැක්වීම ද, එම වැඩපිළිවෙළේ එක් අරමුණක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.