මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අගෝස්තු 04 සිට 08 දක්වා මහනුවර ඇසළ පෙරහැරෙහි රන්දෝලි පෙරහැර වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා අගෝස්තු 04 සිට 08 දක්වා දිනපතා දුම්රිය ධාවනය කිරීමට නියමිත අතර, එම දිනයන් හි මාතලේ සිට මහනුවර දක්වා සහ නාවලපිටිය සිට මහනුවර දක්වා ද දිනපතා දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

අදාළ සම්පූර්ණ දුම්රිය කාලසටහන පහතින්.

 news images