ටෙස්ලා හි ප්‍රමුඛ ප්‍රතිවාදියෙක් ඉන්දියාවට; පළමු ප්‍රදර්ශනාගාරයත් විවෘත කරලා

අමෙරිකානු ව්‍යාපාරික එලෝන් මස්ක් විසින් හිමිකාරීත්වය දරණ Tesla සමාගමේ ප්‍රතිවාදියෙකු වන වියට්නාමයේ විදුලි වාහන නිෂ්පාදක VinFast සිය පළමු ප්‍රදර්ශනාගාරය ඉන්දියාවේ විවෘත කර තිබෙනවා.

ඉකුත් ජූලි 15 වැනි දා ටෙස්ලා සමාගම සිය පළමු ඉන්දිය ප්‍රදර්ශනාගාරය මුම්බායි හි බන්ද්‍රා කුර්ලා සංකීර්ණයේ (BKC) දියත් කරන ලද පසුබිමකයි.එය සෘජුවම ආනයනය කරන ලද ප්‍රභේද දෙකකින් යුතු Y මාදිලිය වූ අතර එහි මිල පිළිවෙලින් ඉන්දීය රුපියල් ලක්ෂ 59.89ක්, සහ ඉන්දීය රුපියල් ලක්ෂ 67.89ක්.

දැන්, VinFast ගුජරාටයේ සූරත් හි ප්‍රදර්ශනාගාරයක් විවෘත කරමින් ඉන්දියානු වෙළඳපොළට පිවිස තිබෙනවා.

මෙම අලෙවිසැල ඉන්දියාවේ සන්නාමයේ භෞතික ස්පර්ශක ලක්ෂ්‍යය ලෙස ක්‍රියා කරන අතර, ශක්තිමත්, පාරිභෝගික කේන්ද්‍රීය විදුලි සංචලතා පරිසර පද්ධතියක් පිහිටුවීම සඳහා VinFast හි දිගුකාලීන කැපවීම අවධාරනය කරනවා.
‘VinFast Surat,’ අලෙවි නියෝජිත ආයතනය ප්‍රවර්ධනය කරනු ලබන්නේ ඉන්දියාවේ මෝටර් රථ සිල්ලර අංශයේ ප්‍රමුඛ නාමයක් වන Chandan Car විසින් වන අතර ඉන්දියානු අනුබද්ධිත සමාගමක් වන VinFast Auto India නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.