කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වරකාපොළ, ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සංවිධානය කරන වාර්ෂික පෙරහැර හේතුවෙන් මෙම රථවාහන ගමනාගමනය සීමා කරන බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනූව එම පෙරහැර අද (28) රාත්‍රී 08.00 සිට 11.00 දක්වා පැවැත්වෙනවා.
එහිදී කෝවිල් පරිශ්‍රයෙන් ආරම්භ වන පෙරහැර කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරය දක්වා වීථී සංචාරය කර නැවත එම මාර්ගයේම කෝවිල දක්වා ගමන් කිරීමට නියමිතයි.
අදාළ කාල සීමාව තුල එම මාර්ගයේ ගමනාගමනය අවහිර වන බැවින් සිදුවන අපහසුතාවය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.