කාම්බෝජය සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්ත හමුදාව චෝදනා කරනවා.
නමුත් කාම්බෝජය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
තායි හමුදා “සුදුසු ලෙස” සහ “ආත්මාරක්ෂාව” සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි තායිලන්ත හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (29) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.
“සටන් විරාමය ක්‍රියාත්මක වන අවස්ථාවේදී, කාම්බෝජ හමුදා, තායි භූමිය තුළ ප්‍රදේශ කිහිපයකට සන්නද්ධ ප්‍රහාර දියත් කර ඇති බව අනාවරණය කර ගත් බවයි ඔහු පවසා සිටියේ.
මෙය ගිවිසුම හිතාමතාම උල්ලංඝනය කිරීමක් සහ අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු කිරීමේ පැහැදිලි උත්සාහයක් බවත් තායිලන්තය තම ආත්මාරක්ෂාව සඳහා ඇති නීත්‍යානුකූල අයිතිය ක්‍රියාත්මක කරමින් සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීමට බැඳී සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
කෙසේ නමුත් තායිලන්තයේ වැඩබලන අගමැතිවරයා පවසන්නේ දේශසීමා ගැටුම් අවම කරමින්, “කිසිදු උත්සන්න වීමක් නොමැති අතර සියල්ල සන්සුන් බවයි.