අනුර ගෝ ගම ආරම්භ වෙන්නේ සෙවනගලින් – දයාසිරි

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව 2022 වසරේ සිට 2024 දක්වා ජනක වක්කුඹුරගේ නායකත්වයෙන් ලාභ ලබන තත්ත්වයකට පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අනුව, එම කාලයේදී දුඹුරු සීනි රට තුළ නිෂ්පාදනය කළ බවත්, සුදු සීනි ආනයනය ද අඩුවූ බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නමුත් වත්මන් ආණ්ඩුව යටතේ වැට් බදු ගැසීම නිසා අද එම කර්මාන්ත ශාලාව වැසෙන තත්ත්වයට පැමිණ ඇති බවද, උක් ගොවීන් දහස් ගණනක් පාරට වැටී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

“අනුර ගෝ ගම” ආරම්භ වනු ඇත්තේ පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලා තිබෙන ප්‍රදේශවලින් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.