අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාව

මෙම වසරේ දැක ගැනීමට ලැබෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් වන Southern Delta Aquariid උල්කාපාත වර්ෂාව අද (29) රාත්‍රියේ සිදුවන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා.

ඒ අනුව, කුම්භ තාරකා රාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව ඇති වන අතර, රාත්‍රි 9.00 න් පසුව නැගෙනහිර දෙසින් එය නිරීක්ෂණය කළ හැකි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මධ්‍යම රාත්‍රි 12.00 පමණ පසු උල්කාපාත 15 – 25 අතර ප්‍රමාණයක් නිරීක්ෂණය කළ හැකි බවද අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.