හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු නාවික හමුදා බුද්ධි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ දී පොතුහැර ප්රදේශයේ සිදුවූ පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ