හිටපු කාන්තා කටයුතු අමාත්‍යවරියක වන චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව ‘දූෂණය’ නමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් 04 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
එම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චන්ද්‍රානි බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ කරුණු දක්වා සිටි අතර, මෙම අධි චෝදනා පත්‍රය පවරා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් තමන් විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි සඳහන් කර තිබෙන්නේ.
මෙම නඩුවට අදාල ලේඛන අධිකරණය හමුවේ විත්තියට භාරදෙන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය සඳහන් කළ අතර, ඉන් අනතුරුව විත්තිය විසින් අදාල මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා එම නඩුව සැප්තැම්බර් මස 04 වැනිදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2019 ජනවාරි 14 සහ 2019 ජනවාරි 31 අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නමැත්තෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදු කිරිම සම්බන්ධයෙන් ඇයට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර තිබෙනවා.