ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් 40ක සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බවත් මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් මේ තීරණය ගනු ලැබූ බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති ÒHotel Show Colombo 2025′ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට පසුගිය 25 දා එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. මෙම සමාරම්භක අවස්ථාව පැවතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. රටවල් 07ක සංචාරකයන්ට මේ වන විටත් මෙරටට වීසා ගාස්තු රහිතව ඇතුළුවීමට අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව නිදහස් වීසා පහසුකම් යටතේ මෙරට සංචාරයේ නිරත වීමට මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව, පෝලන්තය, කසකස්තානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, චීන මහජන සමූහාණ්ඩුව, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මලයාව, ජපානය, ප්‍රංශය, අෙමරිකා එක්සත් ජනපදය, කැනඩාව, චෙක් ජනරජය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, ඊශ්‍රායලය, බෙලරුස්, ඉරානය, ස්වීඩනය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, කොරියාව, කටාර්, ඕමානය, බහරේන්, නවසීලන්තය, කුවේට්, නෝර්වේ, තුර්කිය, පකිස්තානය රටවල වැසියන්ට මේ අනුව වීසා ගාස්තුවලින් තොරව මෙරට සංචාරය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
Òපහුගිය කාලයේ රටවල් හතක් සඳහා වීසා ගාස්තු අය කිරීමෙන් තොරව සංචාරකයන්ට පැමිණෙන්න අපි අවස්ථාව ලබා දුන්නා. එක්සත් රාජධානියත් එයට අයිති වෙන රටක්. පහුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අපි තීන්දුවක් ගත්තා තවත් රටවල් 40කට වීසා ගාස්තු නොමැතිව, වීසා ලබාදෙන පහසුකම් ඇති කරන්න. ඉතින් ඒ අනුව, ඒ ගැසට් නිවේදනය නිකුත් වෙන ගමන්, ලෝකයේ රටවල් 47කට අපි වීසා ගාස්තුවක් නොමැතිව, ලංකාවට පැමිණෙන්න අවස්ථාව ලබා දෙනවා. මේ තීන්දුව ගන්නකොට, ඩොලර් මිලියන 66ක වාර්ෂික ආදායමක් මහා භාණ්ඩාගාරයට ඇත්තටම අහිමි වෙනවා. සෘජුව අපිට ඒ මුදල අහිමි වුණත්, අපි බලාපොරොත්තු වෙනවා, සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින්, වක්රකාරව ඊට වඩා වැඩි ආදායමක් රටට ගන්න. ඉතින් ඒ අනුව ඒ ආදායම වැඩි කර ගැනීමේ වගකීම මේ ක්ෂේත්‍රයේ නියුතු ඔබට භාරයි’ යැයි මෙහි දී අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ගයාන් කුමාර වීරසිංහ