ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයිනේ දින 3ක රාජ්ය සංචාරයක් සඳහා අද (28) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මාලදිවයිනේ ජනාධිපති මොහමද් මුයිසුගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වනවා.
මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා සහ මාලදිවයින් ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.