බස්නාහිර පළාත තුළ පනවන රථවාහන දඩ මුදල් (Spot fines) අද (28) සිට GovPay ජංගම යෙදවුම (App) හරහා ගෙවීමේ පහසුකම හඳුන්වා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළා.
එහිදී ඔහු පැවසුවේ මෙම නව ක්‍රමය මගින් රියදුරන්ට සහ මහජනතාවට දඩ මුදල් ගෙවීම වඩාත් පහසු සහ කාර්යක්ෂම කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
සාම්ප්‍රදායිකව දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් කාර්යාල වෙත යාමට සිදුවුවද, GovPay යෙදවුම මගින් ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනයෙන් හෝ වෙනත් උපාංගයකින් පහසුවෙන් ගෙවීම් කළ හැකියි.