දුම්රිය රියදුරන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක

මාර්ග පද්ධතියේ පවතින දෝෂ, පරිපාලන ගැටලු ඇතුළු කරුණු කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (29) මධ්‍යම රාත්‍රී 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ පවසනවා.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා සියලුම දුම්රිය ධාවනයෙන් නවතිනු ඇති බවද එහිදී ඔහු සඳහන් කරා.