මාතලේ, පලාපත්වල, වාවන්නාවත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (27) රාත්‍රියේ අනවසරයෙන් ඇතුළු වී නිවැසියන්ට පහර දීමට උත්සාහ කළ පුද්ගලයන් පිරිසකට නිවෙස් හිමියා විසින් තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් අයෙකු මරණයට පත්ව ඇති බව මාතලේ පොලීසිය පවසනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පලාපත්වල, අංක 6 සාප්පුවත්ත ලිපිනයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ සුපුන් චතුරංග රත්නායක නැමැති 18 හැවිරිදි අයෙක්.
මරණකරු ඇතුළු පිරිසක් සහ සිද්ධිය වූ නිවසේ වැඩිමහල් පුත්‍රයා අතර දින කිහිපයක සිට පැවති ආරවුලක් මෙම සිදුවීමට හේතුව වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ දින මරණකරු සමඟ තවත් තරුණයින් තිදෙනෙකු අනවසරයෙන් අදාළ නිවසට පැමිණ නිවෙස් හිමියාගේ බිරිඳට පහර දීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී, නිවෙස් හිමියා විසින් ඔවුන්ට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, ඉන් අයෙකු මරණයට පත් වී තවත් අයෙකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරණය සිදුකළ බවට සැක කරන පුද්ගලයා මාතලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.