අර්තාපල් සහ බී ලූණු වගාවෙන් ගොවීන් ඉවත් වීම හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බව කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ගොවීන් එම වගාවෙන් ඉවත් වීම හරහා අර්තාපල් සහ බී ලූණු ද පිටරටින් ගෙන්වීමේ අවදානමක් පවතින බවයි.