සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඒ සඳහා ඉඩ දිය යුතු නැති බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
විවාහ සංස්ථාව දූෂිත තත්ත්වයට ඇද දමමින් යුරෝපා රටවල මෙන් සමලිංගික විවාහයන් මෙරට තුළ ප්රචලිත කිරීමට යම් සංවිධාන කටයුතු කරමින් සිටින බවයි උන් වහන්සේ පැවසුවේ.කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව කියා සිටියේ බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.
වැඩිදුරටත් අදහස් දැක් වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
“අද තරුණ තරුණියෝ නිසි අවබෝධයකින් තොරව තම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම කරනවා. විවාහ ජීවිතය තාවකාලික අත්දැකීමක් ලෙස සලකනවා. විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් තිබෙනවා. ඇතැම් පිරිස් සමලිංගික විවාහ ප්රචාරය කරන්නට කටයුතු කරනවා. මේක මානව අයිතිවාසිකමක්ලු. කොහොමද එහෙම වෙන්නේ ? කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ ? කොහොමද එයාලා දරුවෝ ලබන්නේ ? යැයිද විමසා සිටියා.
”එදා තරුණ පිරිස් විවාහයට පෙර හමුවුණේ දෙමාපිය රැකවරණය යටතේ හෝ ඔවුන්ගේ ආශීර්වාදයෙන්. එවැනි විවාහ අද තත්ත්වයට වඩා සාර්ථක වී තිබෙනවා ” යැයිද උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.