යුද හමුදාවේ දායකත්වයෙන් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ජූලි 29 පැවැත්වෙයි

Clean Sri Lanka වැඩසටහන යටතේ, තෝරාගත් ප්‍රදේශ 253 ක වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

‍ඒ අනුව, එදින පෙරවරු 7.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

මිනිස් ක්‍රියාකාරකම් බහුලව සිදු වන ප්‍රදේශ තෝරා ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීම සිදුකරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් වරුණ ගමගේ පවසා සිටියේ.