ජන දිවියට තර්ජනයක්ව ඇති මාතලේ දිසාවේ වල්අලි පැන්නීමට දින
10 ක මෙහෙයුමක් ආරම්භ කළ බව මාතලේ මහ දිසාපති ප්‍රසන්න
මදනායක මහතා පැවසිය.
මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, නාඋල, පල්ලේපොල, යටවත්ත
කොට්ඨාසවල ගම්මාන රැසක ජන ජීවිතවලට , දේපොලවලට සහ
වගාවන්ට තර්ජනයක් වී ඇති වල් අලි රක්ෂිතවලට පළවා හරීම
සදහා වූ දින 10 ක විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් දිස්ත්‍රික් ලේකම්
ප්‍රසන්න මදනායක මහතාගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ
රජ්ගම්මන ප්‍රදේශයෙන් ආරම්හ විය.
ඒ අනුව පසුගිය දා සිට අගෝස්තු 05 දක්වා සෑම දිනකම ප, ව.2.00
සිට මධ්‍යය රාත්‍රිය දක්වා අඛණ්ඩව මෙම මෙහයුම අලි තර්ජනයට
මුහුණ දී තිබෙන ගම්මාන සහ කොට්ටාශවල ක්‍රියාත්මක කෙරේ.
මෙම ඒකාබද්ධ මෙහෙයුම සැලසුම් කළේ ඒ පිළිබඳ ඉකුත් 14 වෙනිදා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් හේමන්ත, සුනිල් බියන්විල
මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් නාඋල ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයේ පැවති රැස්වීමක දි පීඩාවට පත් ජනතාව දැක්වූ අදහස්
සැලකිල්ලට ගෙනය.
ඒ අනුව මෙහි මෙහයුම් කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අදාල
ප්‍රාදේශිය ලේකම් කාර්යාල , වනජිවී දෙපාර්තමේන්තුව, යුද හමුදාව,
ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුලු රාජ්‍ය
ආයතනවල දායකත්වය ඇතිව ඉකුත් 21 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
පැවති රැස්වීමකදී පිහිටුවන ලැබීය.
මෙම විශේෂ මෙහෙයුමට අවශ්‍ය වාහන, ඉන්දන, අලිවෙඩි,
නිලධාරීගේ ආහාර සහ අලින් සිටින ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා
ඩ්‍රෝණ තාක්ෂණය දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතාගේ
මැදිහත් වීමෙන් සපයා දී තිබේ.
තර්ජනයක්ව පවතින වල් අලි රක්ෂිත වෙත පළවා හැරීමෙන් පසු
අලිවැටවල් අලුත් වැඩියා කොට යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙලක්
ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරේ.
අලි පළවා හැරිමේ මෙහෙයුම ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජනතාව,
ජලය සපයා ගැනීම සඳහා ජල මූලාශ්‍ර වෙත යාම සහ අනෙකුත්
අවශතාවන් ප. ව. 2.00 ට පෙර සිදුකරගන්නා ලෙසත් , ආරක්ෂාව
පිළිබඳ දැඩ් අවධානමෙන් සිටිමින් මෙම මෙහෙයුම සාර්ථක
කරගැනීමට සහයෝගය ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න
මදනායක මහතා ඉල්ලා සිටී.