මහවැලි ගඟට පැන පලායාමට උත්සාහ කළ සිරකරුවෙකු දියේ ගිලී අතුරුදන් වෙයි

මහවැලි ගඟට පැන පලායාමට උත්සාහ කළ සිරකරුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි සැකකරුවෙකු එලෙස අතුරුදන්ව ඇති අතර, ඔහු 39 හැවිරිදි සීදූව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

අතුරුදන්වූ සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කර සිටියා