මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේ පාසල් ළමුන් රැගෙන ගිය බස් රථයක රියදුරෙකුට පසුගිය ජූලි 25 වැනි දින පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 26, 27 වන අතර, සැකකාරිය වයස අවුරුදු 38 වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
අනුරාධපුරයේ සිට හන්තාන කඳුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන ගිය මෙම පෞද්ගලික බස් රථය ත්‍රිරෝද රථයක ගැටී තිබූ අතර, අනතුර සිදුවීමෙන් පසු බස් රථයේ රියදුරුට මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිසක් විසින් පහර දී තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (26) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර, එහිදී සැකකාරිය ඇප මත මුදා හැරීමටත්, අනෙකුත් සැකකරුවන් තිදෙනා හෙට (28) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබෙනවා.