ගතවූ සති දෙකක කාලය තුළ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 65 දෙනෙකු නාවිකා හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව ත්‍රිකුණාමලය, නිලාවේලී, පුත්තලම සහ මන්නාරම ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිත වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වලදී මොවුන් සිය භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
එමෙන්ම එහිදි ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 16 සමඟ තහනම් ධීවර දැල් 05ක් ද සිය භාරයට ගෙන ඇති අතර නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.