ඉන්දියාවේ උත්තරාකන්ඩි ප්‍රදේශයේ කෝවිලක තෙරපීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
උත්තරාකන්ඩි, හරිද්වාර් හී මන්සා දේවි කෝවිලේදී මෙම තෙරපීම ඇතිව තිබෙන බවයි සඳහන්.
එම කෝවිලේ පඩිපෙළක් මත මෙම තෙරපීම සිදුව ඇත්තේ විදුලි සැර වැදීමක් සිදුවිය හැකි බවට වූ කටකතාවක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
ඒ සමග ජනතාව අතර වූ නොසන්සුන්තාවක් මත තෙරපීම සිදුව තිබෙන බවයි සඳහන්.