ආරක්ෂක අමාත්‍යාංශයට නව මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් පත් කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් පත්කර තිබෙනවා.

ඒ අනුව, මීට පෙර එම ධුරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පසු ෆ්‍රන්ක්ලින් ජෝසප් එම ධුරයේ වැඩ භාර ගත් බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසා සිටියේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක ලෙස කටයුතු කළ බවයි සඳහන් වන්නේ.