අමෙරිකාවේ, මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු සැත්කම්වලට භාජනය කර ඇති බවය.
පිහි ඇනුමෙන් තුවාල ලැබූ අයගෙන් හය දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර පස්දෙනෙකු කාන්තාවන් බවට වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිචිගන්හි පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නොමැති අතර මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව එරට බලධාරීන් පවසයි.