කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ සාදයක් වටලා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග තරුණියක් ඇතුළු 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී ගංජා, විදෙස් රටවල නිෂ්පාදිත දුම්වැටි සහ මත්පෙති සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 27ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් බවත් ඔවුන් අද (27) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.