පාලනයෙන් ගිලිහුණු යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී සිදුවූ අනතුරකින් පැදිකරු මියගොස් තිබෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු පුලියන්කුලම රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 23 ක් වූ කිලිනොච්චිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම අනතුර පුලියන්කුලම, පරසන්කුලම් ප්රදේශයේදී සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
පුලියන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.