තායි – කාම්බෝජ නායකයින් හෙට මැලේසියාවේදී හමුවක්

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින දේශසීමා ගැටුම විසඳීම සඳහා මැලේසියාව මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමට දෙරට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගැටලුවට වෙනත් කිසිඳු රටක් සම්බන්ධ නොවිය යුතු බවට ද දෙපාර්ශවය එකඟ වී ඇති බව මැලේසියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, තායි සහ කාම්බෝජ නායකයින් හෙට (28) මැලේසියාවේදී හමුවීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.