මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති විශේෂ මාලාව අනුව ඊයේ (25) දිනයේ ද මෙහෙයුම් කිහිපයක් සිදුකර තිබෙනවා.
මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව එක්වී ඇති අතර, ඒ සඳහා ආරක්ෂක නිලධාරීන් 6,500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එහිදී ක්‍රියාත්මක වූ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයින් 24,281 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, වාහන 10,175ක් සහ යතුරුපැදි 7,240ක් පරීක්ෂා කර තිබෙනවා.
මෙම මෙහෙයුම් අතරතුරදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,455ක් අත්අඩංගුවට ගත් බවයි එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 374 මිලිග්‍රෑම් 336ක් ද, හෙරොයින් ග්‍රෑම් 218 මිලිග්‍රෑම් 281ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම්වලදී අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 408 දෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.