නිසි මිලක් නොමැතිවීම නිසා මාළුමිරිස් ගොවීන් අසීරුතාවක

අස්වැන්න නෙලීම මේ වනවිට ආරම්භ කර තිබුණ ද නිසි මිලක් නොලැබීම හේතුවෙන් තමන් අසීරුතාවයකට පත්ව සිටින බව අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේ මාළුමිරිස් ගොවීන් පවසනවා.

අධික පිරිවැයක් වැයකරමින් වගාවන් සිදුකළ ද ව්‍යාපාරිකයන් විසින් රුපියල් 200 කටත් වඩා අඩු මිලට තමන්ගේම මිලදී ගන්නා මාළුමිරිස් කිලෝවක්, ඉතා අධික මිලකට අලෙවි කරමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අතරමැදි ව්‍යාපාරික මාෆියාව නතර කර සිය අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමට මැදිහත්වන ලෙස එම ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.