2040 දී ගොඩබිම සහ ජලය ප්ලාස්ටික්වලින් පිරෙයි ?

2040 වර්ෂය වනවිට පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් බිලියන 1.3 ඉක්මවනු ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ඉදිරි 20 වසර තුළදී ලොව සියලු රටවල් එක්වී සාමූහික ක්‍රියාමාර්ගයක් නොගතහොත් ගොඩබිම සහ ජලය ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ගෙන් පිරී යනු ඇති බවට එම සමීක්ෂණයෙන් අනතුරු අඟවයි.

සාගර ජලයෙහි පවත්නා අපද්‍රව්‍ය මගින් විනාශ වී යන මුහුදු ජීවින්ගේ සංඛ්‍යාව තුන්ගුණයකින් ඉහළ යා හැකි බව ද එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

කොරෝනා සමය තුළදී ප්ලාස්ටික් නිෂ්පාදන එක්වරක් පමණක් භාවිතා කිරීම හා ප්ලාස්ටික් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ භාවිතය ඉහළ යාම මෙම ගැටලුව තීව්‍ර කිරීමට සමත්වී ඇත.

එමෙන්ම ලොව පුරා භාවිතයට ගැනෙන ප්ලාස්ටික් ආහාර ඇසුරුම් ද ප්‍රබල ගැටලුවක් වී ඇති බවද එම සමීක්ෂණයෙන් අනාවරණ විය.