2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසනවා.
එහිදී, යුරෝපා සංගමය (EU) (+23.1%) සහ එක්සත් රාජධානිය (UK) (+20.4%) යන වෙළෙඳපොළවල්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එක්සත් ජනපදයේ (-5.7%) සහ අනෙකුත් කලාපවල (-9.3%) සිදුවූ පහළ වැටීම් සමනය කිරීමට එය සමත් වී ඇති බවයි සඳහන්.
2025 වසරේ මුල් භාගය (ජනවාරි-ජූනි) සඳහා සමස්ත අපනයන වර්ධනය 8.95% ක් ලෙස වාර්තා වීැති අතර, යුරෝපා සංගමය (+16.7%), එක්සත් ජනපදය (+4.1%), එක්සත් රාජධානිය (+6.4%), සහ අනෙකුත් වෙළෙඳපොළවල් (+8.9%) යන වෙළෙඳපොළවල්වල ශක්තිමත් ක්‍රියාකාරීත්වය මෙම වර්ධනයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ මෙම සංඛ්‍යා යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රධාන වෙළෙඳපොළවල්වල දිරිගන්වනසුලු ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි.