හලාවත පොලිස් වසමේ සවරාන ප්‍රදේශයේදී කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියෙන් වැටී ඊයේ (25) සවස් කාලයේ පුද්ගලයෙකු මියගොස් ඇති බව හලාවත පොලිසිය සඳහන් කරනවා.
මරණකරු වයස අවුරුදු 70ක පමණ වන පුද්ගලයෙකු වන අතර, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකී වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
උස අඩි 05 අඟල් 06ක් පමණ වන ඔහු තළෙළු, කෙට්ටු, සාමාන්‍ය සිරුරක් සහිත පුද්ගලයෙක්.
උඩුකයට සුදුපාට ඉරි සහිත අත්කොට කමිසයක් හා යටිකයට කොළපාට සරමක් හැඳ සිට තිබෙනවා.
මෘත ශරීර හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.