අමෙරිකාව විසින් මෙරටට පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් අතර පවත්වා තිබෙනවා.
ඊයේ (25) පස්වරුවේදී මාර්ගගත සාකච්ඡාවක් ලෙස එය පවත්වා ඇති අතර, මෙරටට පනවා ඇති තීරුබදු අඩු කරගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කරගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූ බවයි සඳහන් වන්නේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීන්ද මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා සම්බන්ධ වී තිබෙනවා.