අත්අඩංගුවට ගත් ඉන්දියාවේ ධීවරයින් හත්දෙනා යළි රිමාන්ඩ්

නෙඩුන්තිව් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් දකුණු ඉන්දීය ධීවරයින් 07 දෙනා ලබන මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

නාවික හමුදාව ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් මෙම ධීවරයින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 13 වැනිදායි.

මෙම ධීවරයින් රාමේෂ්වරන් හි පදිංචිකරුවන් වනවා.