දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු STF සමඟ වෙඩි හුවමාරුවකින් මරුට

ඉකුත් 18 වැනිදා උදෑසන 11.00 ට පමණ දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු අද (25) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අලුයම 4:30 ට පමණ කහතුඩුව, පාලගම, කැඳැල්ලඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර, එහි සැඟව සිටි අදාළ සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තබ‍ා ඇති බවත්, පසුව එම නිලධාරීන්ද ඔහු ‍සිටි දෙසට වෙඩි තබා ඇති බවත්, එහිදී ඔහු මියගාස් ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධියෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක්ද තුවාල ලබා ඇති අතර, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.